🤑 HOW TO WRITE YOUR FIRST CV
📄 වැඩ පළපුරුද්දක් (Work Experience) නැතිව Professional CV එකක් හදාගන්නේ කොහොමද? (A/L ඉවර කරපු අයට විශේෂයි!) 🎁
අපි මෑතකදී පළ කරපු රැකියා ඇබෑර්තු සඳහා ආපු අයදුම්පත් පරීක්ෂා කරද්දී අපිට තේරුණු ප්‍රධානම දෙයක් තමයි, ගොඩක් අයට නිවැරදිව CV එකක් හදාගන්න සහ තමන්ගේ තොරතුරු හරියට ඉදිරිපත් කරන්න තියෙන අපහසුතාවය. විශේෂයෙන්ම A/L ඉවර කරපු ගමන් ඉන්න, Work Experience නැති අයට මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා.
ඔබට කිසිම වැඩ පළපුරුද්දක් නැති වුණත්, HR Manager කෙනෙක්ගේ අවධානය දිනාගන්න පුළුවන් විදිහට Professional CV එකක් හදාගන්න පහත පියවර අනුගමනය කරන්න.
1⃣ Personal & Contact Information (පුද්ගලික තොරතුරු)
CV එකේ මුලින්ම තියෙන්න ඕනේ ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් තොරතුරු.
✅ නම: සම්පූර්ණ නම හෝ මුලකුරු සමඟ නම පැහැදිලිව දාන්න.
✅ දුරකථන අංකය: වැඩ කරන, ළඟ තියෙන අංකයක් දෙන්න.
✅ Email Address: මේක ගොඩක් වැදගත්!
[email protected],
[email protected] වගේ ඊමේල් කවදාවත් CV එකකට දාන්න එපා.
[email protected] වගේ ඔබේ නම තියෙන Professional Email එකක් අලුතින්ම හදාගන්න.
✅ LinkedIn Profile (ඇත්නම්): මේක අනිවාර්ය නැතත්, තියෙනවා නම් ඔයාට අනිත් අයට වඩා ලොකු වාසියක් ලැබෙනවා.
2⃣ Career Objective / Professional Summary (කෙටි හැඳින්වීමක්)
Work Experience නැති අයට තමන්ව විකුණගන්න (Market කරගන්න) තියෙන හොඳම තැන මේකයි. වාක්‍ය 3කින් හෝ 4කින් ඔබේ අරමුණ පැහැදිලි කරන්න.
උදාහරණ: "A highly motivated and hardworking school leaver eager to start a career in [Field/Industry]. Looking for an entry-level position to utilize my strong communication skills and willingness to learn..."
3⃣ Education (අධ්‍යාපන සුදුසුකම්)
පාසල් ගිය කාල සීමාව, පාසලේ නම සහ O/L, A/L ප්‍රතිඵල පැහැදිලිව වෙන වෙනම දක්වන්න.
✅ A/L ප්‍රතිඵල එනකන් ඉන්නවා නම් "Results Pending" කියලා සඳහන් කරන්න.
✅ O/L සහ A/L වල Maths, English, IT වගේ විෂයන් වලට A, B වගේ හොඳ සාමාර්ථ තියෙනවා නම් ඒවා විශේෂයෙන් Highlight කරලා පෙන්වන්න.
4⃣ Extracurricular Activities (බාහිර ක්‍රියාකාරකම්) - ✨ වැඩ පළපුරුද්ද වෙනුවට!
✅ ඔබට Work Experience නැති අඩුව පුරවන්නේ මේකෙන්. රැකියාවකට අවශ්‍ය නායකත්වය, කණ්ඩායම් හැඟීම ඔයාට තියෙනවා කියලා පෙන්වන්නේ මේ හරහායි.
✅ පාසලේ ශිෂ්‍ය නායකයෙක් (Prefect) වෙලා හිටියා නම්,
✅ සමිති සමාගම් වල නිලතල දරලා තියෙනවා නම් (President, Secretary etc.),
✅ ක්‍රීඩා කරලා තියෙනවා නම්,
✅ බාලදක්ෂ, රතු කුරුස වගේ දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ හැමදෙයක්ම දාන්න.
5⃣ Skills (ඔබේ කුසලතා)
මෙතන කොටස් දෙකකට කඩලා දාන්න.
✅ Hard Skills: පරිගණක දැනුම (MS Office, Graphic Design etc.), භාෂා දැනුම (English, Sinhala, Tamil fluency).
✅ Soft Skills: Communication (සන්නිවේදන හැකියාව), Teamwork (කණ්ඩායම් හැඟීම), Time Management (කාල කළමනාකරණය), Leadership (නායකත්වය).
6⃣ Courses & Certifications (අමතර පාඨමාලා)
✅ A/L ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ කරපු Computer Course එකක්, English Course එකක් වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන් දාන්න. ඒකෙන් ඔයා කාලය අපතේ නොයවා අලුත් දේවල් ඉගෙනගන්න කෙනෙක් බව පේනවා.
7⃣ Non-Related Referees (නිර්දේශකයින්)
✅ ඔබේ චරිතය ගැන හොඳින් දන්නා, පවුලේ ඥාතියෙක් නොවන වැදගත් පුද්ගලයන් දෙදෙනෙකුගේ නම්, තනතුරු සහ දුරකථන අංක ලබා දෙන්න. (උදා: පාසලේ විදුහල්පති, ග්‍රාම නිලධාරී මහතා, හෝ ඔබ දන්නා වෙනත් ආයතනයක ප්‍රධානියෙක්). ඔවුන්ගේ නම් දාන්න කලින් ඔවුන්ගෙන් අහලා අවසර අරන් ඉන්න එක වැදගත්.
💡 CV එකක් හදද්දී මතක තියාගන්නම ඕනේ දේවල් (Pro Tips): 🪄
✅ Grammar & Spelling: යවන්න කලින් අනිවාර්යයෙන්ම අක්ෂර වින්‍යාසය සහ ග්‍රැමර් චෙක් කරගන්න. වැරදි තියෙන CV එකක් දැක්කම ලොකු අවාසියක් වෙනවා.
✅ Format: හැමතිස්සෙම CV එක යවද්දි PDF Format එකෙන් විතරක් යවන්න (Word files යවන්න එපා).
✅ Photo: ෆොටෝ එකක් දානවා නම්, Professional විදිහට ඇඳගෙන ඉන්න, පැහැදිලි (Selfie නොවන) පින්තූරයක් පාවිච්චි කරන්න.
✅ Length: A/L ඉවර කරපු කෙනෙක්ගේ CV එකක් පිටු 1කට හෝ උපරිම පිටු 2කට සීමා වෙන එක තමයි වඩාත් හොඳ.
අලුතින්ම Job එකක් හොයන ඔබේ යාළුවන්ටත් බලන්න මේක Share කරන්න! ජය වේවා! 🎓💼
✅Website Administrator
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
❤️❤️❤️❤️❤️❤️❤️